විදුහල්පති පණිවිඩය
වරකපිටිය මහා විද්‍යාලය
පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නාවූද වරකපිටිය ප්‍රදේශයට රටට හා දේශයට මහඟු සේවයක් ඉටුකරන්නාවූද වරකපිටිය විදුමාතාවගේ විදුහල්පති ලෙස පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි.වරකපිටිය විද්‍යාලය මෙවන් අභිමානනීය ස්ථානයක පිහිටුවීමට නායකත්වය හා කැපවීම සිදුකළ ගෞරවණීය විදුහල්පතිවරුන් මෙන්ම දෙමාපියවරුන්ද මා මෙසේ සිහිපත් කරමි. වරකපිටිය විදු නාමය ප්‍රදේශය තුළ මෙන්ම ලංකාව තුළ ඔසවා තැබීමටත් අනාගත ලෝකයට අභිමානවත් ,ගුණ නැණ සපිරි දරු පිරිසක් දායාද කරන්නටත් උත්සාහ ගන්නා අතර මෙම වෙබ් අඩවිය හරහා එයට මහඟු රුකුලක් වනු ඇතැයි විශ්වාස කරමි. හුදෙක්ම වරකපිටිය විදු මවට අනන්‍ය නව තාක්ෂණය සමග අත්වැල් බැඳ ගනිමින් අනාගත ලෝකය ජය ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.