• 0412253444
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • Register
  • Login
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

අපේ පාසලේ ආරම්භය

ආරම්භය 1945.11.01

අඩසියවසකට පෙර සංවර්ධනයේ මංපෙත් විවර නොවූ වරකපිටිය ගම්මානයේ දරුවන්ට අකුරක් හෝ ඉගෙනීමට අවස්ථාව ලැබුණේ සුල්තානාගොඩ කනිටු විදුහලෙන් හෝ දෙනිපිටිය කනිටු විදුහලෙනි.එවකට සිටි දැය හිතකාමී රාජ්‍ය මන්ත්‍රන සභා ගරු මන්ත්‍රී ඩේවිට් වනිගසේකර මැතිතුමා විසින් වරකපිටියට පාසල ලබා දෙන ලදි.

ගමේ ප්‍රභූවරයෙකු මෙන්ම ධනපතියෙකුද වන වරකපිටියේ විසූ ගිරිගෝරිස් අබේකෝන් මහතාගේ ඉල්ලීම අනුව ගීගනගේ වත්ත නැමති මෙම ඉඩමේ අඩි 110 පමණ දිග පොල් අතු සෙවිලි කරන ලද මුල්ම පාසල් ගොඩනැගිල්ල 1945.11.01 දින ඉදි විය.

  • මුල්ම විදුහල්පති එස්.ඒ.ධර්මරත්න මහතා

පාසල ආරම්භ වීමත් සමඟ පෙරලා පැමිණෙන මුල්ම විදුහල්පති  වන මෙතුමා සිසුන් 14 දෙනෙකුගෙන් යුතුව විදුහල ආරම්භ කෙරිණි.

  • මුල්ම ගුරුවරයා 06.03 දින පත්ව ආ කේ.එම්.සී.සුරවීර මහතා දැඩි කැපවීමෙන් 1952 වන විට සිංහල ජ්‍යෙෂ්ඨ විභාගයට සිසුන් 11ක් ඉදිරිපත් කළ අතර ඉන් 8ක්ම සමත් වී ගුරු වෘත්තියට එක්වීම විශේෂ කරුණකි.
  • දෙවන විදුහල්පති ලෙස පත්වන්නේ බී.ඩී.ජේ.එස්.අමරසිංහ මහතා ය..එතුමා වසර 03 ක් සේවය කර විශ්‍රාම යන ලදි.

      එතුමාගෙන් පසුව 1959 වසරේ කේ.එච්.එඩ්වින් මහතා විදුහල්පති වශයෙන් එනවිට සිසුන් 482 ක් දක්වා වර්ධනය වී තිබිණි.

  • දැනට පවතින නවලෝක ශාලාව දේශමාන්‍ය,දේශශක්ති ගරු එච්.කේ.ධර්මදාස මහතාගේ පරිත්‍යාගයෙන් මෙම කාලයේදී ලබා ගත්තේ ය.මරදානේ ජෝන් සහ සමාගමෙන් බුදුමැදුරක් ද පාසලට ලබාගත් එතුමා 1970 වසරේ විශ්‍රාම ගියේ ය.

   කනිෂ්ඨ විද්‍යාලයක්ව පැවති අපගේ විදුහල අභිමානනීය ලෙස මහා විධ්‍යාලයක් බවට පත්වන්නේ 1971 පැමිණි ඇල්බට් ගමගේ මහතාගේ කාලසීමාවේ දීය.එතැන් පටන් 1979.12.01 දින සිට 1 C වර්ගයේ මහ විද්‍යාලයක් බවට අපගේ පාසල උසස් වූ බවට අති ගෞරවයෙන් සිහිපත් කළ යුතු වීමු.1980 වසරේ ඇල්බට් විතාන මහතා විදුහල්පති වශයෙන් පැමිණි අතර එතුමාගේ සේවා කාලය තුළ වරකපිටිය ගමේ දරුවන්ගේ අධ්‍යාපනය ඔප නැංවීමට අඩුපාඩුවක්ව තිබූ පුස්තකාල ගොඩනැගිල්ල එතුමාගේ සමයේ ලැබුණු අතර දානපති එල්.පී.ධර්මදාස මහතාගේ කෘතවේදී පරිත්‍යාගයකි.

1990 වසරේ ඇල්බට් විතාන මහතා උසස්වීමක් ලැබ ගියේය.එතුමාගෙන් පසු 1990.10.18 වන දින ජිනදාස හෙට්ටිආරච්චි මහතා සේවා කාලය අරඹන ලදි.ක්‍රීඩා පිටිය,ගෘහ විද්‍යාගාරය,ජල සම්පාදනය ආදී විවෘත වූයේ මෙතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙනි.

  • 1990 වසරේ උසස් පෙළ ප්‍රතිඵල වැලිපිටිය කොට්ඨාසයේ විශිෂ්ඨ ප්‍රතිඵල බව කොට්ඨාස භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුණසේන හත්තොටුව මහතා දැනුම් දී ඇත.
  • ප්‍රථම වරට උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යෘල වරම් හිමි කරගත් 1995 වසරේ තේරුණු ඉන්ද්‍රකාන්ති සිසුවියගේ ප්‍රතිඵලය වරකපිටිය මහා විද්‍යාලයට ඉමහත් ගෞරවයකි.
  • ජිනදාස හෙට්ටිආරච්චි මහතා අනගි සේවාවක් කොට 03.26 දින එතුමා මෙම පාසලෙන් සිය සේවා කාලය හමාර කරන ලදි.ඉන් පසුව මෙම විද්‍යාලයට ආර්.ජී.හත්තොටුව මහතා 2000.03.08 දක්වා මෙම විද්‍යාලයේ සේවය කරන ලදි.
  • ඉන්පසු එස්.පී.චන්ද්‍රපාල විදුහල්පතිතුමා 03.26 දින සිට 2015.........................දින දක්වා මෙම පාසලේ සේවය කළේ ය. දරුවනට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට ඉඩ පහසුකම් අවශ්‍යව තිබිය දී මෙම විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ල හිමි වන්නේ මෙතුමාගේ සේවා කාලයේදී ය.
  • පසුව මෙම විද්‍යාලයට සී.පී.විදානගමාච්චි මෙනවිය 01.26 දින විදුහල්පතිතුමිය ලෙස පැමිණීමත් සමඟ අද දක්වා ඇය විදුහල්පතිතුමිය ලෙස සේවය කරයි.මෙම විද්‍යාලයට ඉටු කරන අප්‍රතිහත සේවය අප අගය කළ යුතු වෙමු.විටෙකදී දරුවනට මවක ලෙසත් තවත් විටක මඟ හසර කියාදෙන මාර්ගෝපදේශිකාවක් ලෙසත් එතුමිය මෙම විද්‍යාලයේ දරු දැරියන් හද දිනාගත් උතුම් මනුෂ්‍ය චරිතයකි.....
Warakapitiya M.V.

වරකපිටිය මහා විද්‍යාලය

Akuressa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය warakapitiya , Denipitiya
  • දුරකථන 0412253444

Supported By

© 2026 Warakapitiya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk